පිරිත - Pirith Chantings
පිරිත යනු කුමක් ද?
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්රිපිටක ධර්මය තුල අන්තර්ගත වන ආරක්ෂක ධර්ම කොට්ඨාසය ‘පිරිත’ නම් වේ. මෙම පිරිත යන වචනයට අටුවා ධර්ම ග්රන්තයන්හිදී මෙසේ අර්ථකථන ලබා දී තිබේ.
1.මහා තේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති = පරිත්තං
තේජවන්ත බැවින් සත්ත්වයින්හට පැමිණෙන උවදුරු දුරුකරලන බැවින් ‘පරිත්ත’ නම් වේ.
2.පරිසමන්තතෝ තායති රක්ඛතීති = පරිත්තං
හාත්පසින් ආරක්ෂාව සලසන බැවින් ‘පරිත්ත’ නම් වේ.
3.අන්තරායං පරිහරන්තං තායතීති = පරිත්තං
අනතුරු වළක්වාලමින් ආරක්ෂාව ලබා දෙන බැවින් ‘පරිත්ත’ නම් වේ.
4.පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති = පරිත්තං
හාත්පසින් සියලුම උපද්රවයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන බැවින් ‘පරිත්ත’ නම් වේ. ‘පරි පූර්ව ත්රා ධාතුවෙන්’ මෙම වචනය සෑදී ඇත. මෙහිදී පරිත්රාණ , පරිත්ත , පිරිත යන පද තුනම මේ සඳහා භාවිතා වේ. පරිත්රාණ යනු සංස්කෘත භාෂාවෙන් කරනු ලබන ව්යවාහාරය යි. පරිත්ත යනු පාළි භාෂාවෙන් කරනු ලබන ව්යවහාරය යි. පිරිත යනු සිංහල භාෂාවෙන් කරනු ලබන ව්යවහාරය යි. මේ වචන තුනම එකම අරමුණක් හැඳින්වීම සඳහා භාවිතා කරනු ලැබේ.
පිරිත යන්න පාලි භාෂාවේ “පරිත්ත” යන වචනයෙන් බිඳී ආ වචනයකි. එයම සංස්කෘතියේ “පරිත්‍ර” යෑයි සඳහන් වේ. පිරිත යන්නෙහි තේරුම හාත්පසින් ආරක්ෂාව සලසන්නේය යන්නයි. මෙම ආරක්ෂාව පිළිබඳව “මිලින්ද ප්රශ්නයේ” මෙසේ විස්තර කෙරේ. “මහරජාණෙනි පිරිත් ආරක්ෂාව ඇති පුරුෂයාට නාගයා දෂ්ට නොකරන්නේය. විවෘත කළ මුඛය පියා ගත්තේය. සොරුන් විසින් තළන්නට ඔසවාගත් මුගුර දමා ළඟට පැමිණ ප්රිය කෙරෙති. කුපිත වූ හස්ති තෙම ළඟට දිව අවුත් වළකින්නේය. දිලිසෙන මනා ගිනි කඳ පවා ළඟට පැමිණෙන විට නිමෙන්නේය” ආදී වශයෙනි.
පිරිත් පොත චතුභානවාරි පාලි යන නමින්ද හඳුන්වනු ලැබේ. එයට හේතුව පිරිත් පොතේ ඇති සූත්‍ර ලබාගෙන ඇත්තේ බුද්ධ දේශිත සූත්‍ර පිටකයෙන්ම වීමයි. මෙම පිරිත් පොතේ ඇති පිරිත් බණාවර හතරකට බෙදා දක්වා ඇත. පසුකාලීනව විවිධ අවශ්යතා සලකා ජය පිරිත, ගිනි පිරිත, ජවර පිරිත, ඇණවුම් පිරිත, සීවලී පිරිත, චක්ක පිරිත ආදී පිරිත් පොතේ අග පිටුවලට සක්වල කෝටි ඇතුළත් කර තිබේ. මේ බොහෝ පිරිත් සූත්‍ර පිටකයේ නොමැති අතර සිංහලට පරිවර්තනය කිරීමටද නොහැකිය. ජල නන්දන පිරිත ද එවැන්නකි.
පිරිත කියන විට එය සංගීතයේ ඇති සප්ත ස්වර අනුව ගායනා කළ හැකි නොවේ. සප්ත ස්වර වල ආරෝහණ, අවරෝහණ ක්රමයට පිරිත් කීම ගැළපිය නොහැකිය. එහෙත් එහි ස. රි. ග. ම. ප. යන ස්වර 5 පමණක් ඇති බව පෙනේ.
පිරිත් කීම එක අතකින් සත්‍ය ක්රියාවකි. උදාහරණයක් වශයෙන් රතන සූත්රයේ සෑම ගාථාවකම ගැඹුරු අර්ථයක් තිබේ. එමෙන්ම “ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු” යන ගාථා පාඨය අනුව ඒ සත්යානුභාවයෙන් සෙතක්ම වේවායි සත්‍ය ක්‍රියාවක්ද කෙරේ. අංගුලිමාල පිරිතේද මේ ලක්ෂණය තිබේ. අනෙක් අතට පිරිත මනෝ විද්යාත්මක ප්රතිකාර ක්රමයකි.
බුද්ධ භාෂික පිරිත් භාවිතා කරන විට එහි පිහිට නොලැබෙන කරුණු තුනක් තිබේ. පෙර අකුශල් හෙවත් කර්මාවරණ, රාගයෙන් සිත පෙළුම ආදී ක්ලේශාවරණ සහ අවිශන්සය හෙවත් නොඇදහීම යන කරුණු තුනයි. විශ්වාසයෙන් යුක්තව හා සීල සංවරය ඇතිව පිරිත් භාවිතා කරන්න. එය කිසි විටෙක නොවරිදන බෞද්ධ ශාන්ති කර්මයයි.

by Gayan Priyankara